Thursday, October 13, 2011

-- පසුතල, සෙවනැලි හා එළි --

------- පසුතල, සෙවනැලි හා එළි -------

රෙදි පටි දෙකකින් කුඩා කුක්කන් දෙදෙනා ගැටගසාගත් කුඩා කොළුවා මදෙසට පැමිණෙයි. උගේ මුහුණේ ප‍්‍රීතිමත් සිනාවකි.

‘‘මහත්තයත් මේ චිත‍්‍රපටියෙද වැඩ කරන්නේ ?’’

‘‘ඔව්’’

‘‘එතකොට මහත්තෙයාට මොනවද මේකෙ කරන්න තියෙන්නේ... ඔහෙ හිටපන්... මුන්ට හරි විසේ මහත්තයා’’

රෙදිපටිය කටින් හපමින් දඟලන කුක්කෙකුට තරවටු කරමින් ඔහු කියවයි. අනෙක් කුක්කාගේ කලබලයක් නැත. රෙදිපටියෙන් ගැලවීමක් නැති බව දන්නා නිසා ඌ හොරැුහින් කොළුවා දෙස බලමින් නිසොල්මන්ව හිඳියි.

‘‘වික්ටර් මහත්තය කිව්වා මටත් රඟපාන්න දෙනව කියලා බලූ කුක්කො දෙන්නවත් ඉල්ලූවා. සත්තු ජාති හුඟක්  ඕනලූ නේද මහත්තයා මේ චිත‍්‍රපටියට...?’’

කොළුවා කට උල් කරමින් පවසයි.


‘‘කීයක් දෙනව කීවද?’’ මම අසමි.

‘‘කීයක් උනත් මොකෝ... කොයි... මහත්තයා කීවෙ නෑනේ මොනවද කරන්නේ කියලා.? ’’

‘‘අපි තමයි මෙතන මුඩුක්කු හදලා, බෝඞ් එල්ලලා, එතකොට... කඩ හදලා, ඒවාට බඩු පුරවලා ඉන්දියාවේ කෑල්ලක් විදිහට හදන්නේ ’’

දන්නා සරළම පැහැදිලි කිරීම.

‘‘ඒවද...? මම චූටි කාලෙ හිටියෙත් මුඩුක්කුවකනෙ. අපේ තාත්තා කියන්නේ. එතකොට... ඉන්දියාවෙත් මුඩුක්කු තියෙනවා නේ....? හැබැයි තාත්තා කියනවා ඊට වඩා මේ බිල්ඩිම යට හොඳයි කියලා.
එහෙනම් විකටර් මහත්තයා කීව කතාව හරි. මෙතන හදන්නේ ඉන්දියාවෙ විදිහට. එතකොට... ඉන්දියාව මොනවාගෙද මහත්තයා. මුඩුක්කුත් තියෙනවා. මට තාත්තා පෙන්නලා තියෙනවා ඉන්දියන් කාරයෙක්. හාබර් එකේ. ඔළුවෙ රෙද්දක් බැඳගෙන හිටියෙ. අම්මෝ උගෙ රැුවුල... එතකොට අමීර් කානුත් ඉන්දියාවෙ නේද?’’

කොළුවාගේ කියවිල්ල වෙනුවට මා දෙසට අමතන හඬක්.

‘‘මල්ලී දෙමළ පෝස්ටර් ටික අලවන්න  ඕනෑ. සපෝට් එකක් දෙනවද?’’

ඒ වැඩ බිමේ සගයෙකි. කොළුවාට සිනාවක් පාමින් මම එදෙසට ඇදෙමි.

කොළඹ වරායේ ඉතා උස් වූ තාප්පයත්, අතහැර දැමූ යටත් විජිත යුගයේ ඉදිකල දැවැන්ත ගොඩනැගිල්ලටත් අතරේ පිහිටි වීදිය තවත් සුළු මොහොතකින් කල්කටාවේ අපිරිසිදු මුඩුක්කුවක් බවට පත්වෙයි. ඉතාලියේ රූපවාහිනී නාලිකාවකට නිපදවෙන තෙරේසා මව්තුමියගේ ජීවන පුවතකට ඇවසිවන ඉන්දියානු පසුතලය ඒ මුඩුක්කුවයි. ‘‘සල්පෙ’’ පවසන ලෙස මේවා ඉදිකරන්නට අමුද්‍රව්‍යය වන කබල් තහඩු දිරාගිය පොල් අතු රැුගෙන එන්නේද කොළඹ අවට ඇති කෙළවරක් නැති තවත් මුඩුක්කු වලිනි. අළුත් පොල් අතු හා තහඩු වෙනුවට කබල් තහඩු පොල්අතු හුවමාරුවක්. ඉන්දියාව මෙම රූගත කිරීම එරටේ තහනම් කොට ඇත. තම දිළිඳු සමාජ දේහයට මිලක් නියම කරන්නට අකමැති රටක් නිසා 1950 දශකයේ කල්කටාව කොළඹ වීදියක සාමකාමී ලෙස බිහිවන්නෙත් ඒ අයුරිනි.

‘‘ඉන්ටර් නැෂනල් වැඩක්නෙ. ගෙවන ගානත් හොඳයි. වැඬේ නියමෙට කරමු.’’

පසුතල සැරසුම් අධ්‍යක්‍ෂවරයාගෙන් අපට ඊයේ ලැබුනු උපදෙස් මතකය.

වේදිකාවක් සහිත විශාල එසවුම් යන්ත‍්‍රයට මමද නැෙඟමි. පාප්ප, පෝස්ටර්, තහඩු නාම පුවරු වේදිකාවේ ගොඩගසා ඇත. වැඩබිමේ සඟයින් පිරිසට මමත් එකතු වෙමි. අතහැර දැමූ ගොඩනැගිල්ල කල්කටා වීදියේ කඩසාප්පු පෙළක් බවට පත්කළ යුතුය. එහි ඇති කාලකණ්නි පෙනුමට සජීවි බවක් එක්කළ යුතුය. දමිළ, හින්දු, ඉංග‍්‍රිසි බසින් වූ විවිධ වෙළඳ නාම පුවරු, පෝස්ටර් වලින් සිවුමහල් ගොඩනැගිල්ල සැරසිය යුතුය. දොඹකරය ඉහළට එසැවෙයි. තෙවැනි මහල තෙක්ම. වරායේ තාප්පයටත් උඩින්, කඩිමුඩියේ ඉදිවන පැල්පත් සහිත වීදියක් තාප්පයට එපිටින් වූ කන්ටේනර්, දොඹකර හා නාවික යාත‍්‍රා පිරුණු වරායත් තනි භූමි දර්ශනයක්ව පෙනේ. දිරාගිය පොල් අතු තහඩු පටවාගත් ලොරි තාප්පයට මෙපිටින්. එපිටින් කන්ටේනර් පෙට්ටි රැුගත් ට‍්‍රක් රථ.

‘‘මෙතන හුඟක් ෂූට් කරනවලූද?’’

මම අසමි.

‘‘පිස්සු... ෂොට් දෙකයිලූ ගන්නේ. මෙහෙනම් මේ තරමට ෆිල්ම් එකකටවත් ඔට්ටු වෙන්නේ නෑ.’’

කම්කරු සගයෙක් මට පිළිතුරු දෙයි.

‘‘මේකනෙ මල්ලි... මේවගේ බරට ගෙවනවනේ. අපේ ලොක්කගෙ ලොකේෂන් සර්විස් එකෙන් තමයි හැමදාම මෙහෙ කරන ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් ගන්නෙ.... ආ... මල්ලි අන්න වතුර බෝතල් එනවා. කෑ ගහලා කියාපන් උඩටත් එවන්න කියලා.... වැඩිපුර ගනින්.. හැමදාම නෑ... හැමතැනම නෑ....’’

මම අතේ වූ නාම පුවරුව බිමින් තබා වතුර බෝතල් සඳහා කෑ ගසමි.

‘‘විජය කුමාර් සැලූන්’’

තවත් නාම පුවරුවක් අපේ සඟයන් අතින් ගොඩනැගිල්ලේ සවිවෙයි. ද්‍රවිඩ පෝස්ටර් අතර ඔලූවෙන් සිටවා ඇලවූ සිංහල චිත‍්‍රපටි පෝස්ටරයකි.

‘‘ඔහොම ඇලෙව්වාම සිංහල අකුරු කියලා හොයාගන්න බෑ.’’ එය ඇලවූ මිත‍්‍රයා බැ?රුම්ව පවසයි.

‘‘ඔරුගොඩවත්තේ සර් අපි හිටියෙ, අපේ ගෙදර කෙනාව බැන්ඳට පස්සේ ගෙදර උන් එක්ක ඉන්න අමාරු වුනා. ඒකයි මෙහෙ ආවේ...’’

‘‘කුමාර’’ බලූ කුක්කන් දෙදෙනා අයිති කොළුවාගේ පියාය. උඩුකය නිරුවත්ය. ඉල ඇට වසාගත් සම කිළිටිය. බයාදු නිවට පෙනුමක් ඇත්තේ නිතරම හිස නැවීමත්, දෑත බැඳගෙන කතා කිරීමත් නිසාය.

ඔහු වරින්වර මතුපිට පෙනුම වෙනස්වන දැවැන්ත ගොඩනැගිල්ල දෙස බලයි.

‘‘ෂර්. ප්ලාස්ටික් වතුර බෝතල් විසි කරන්න එපා මට දෙන්න.’’

ඔහු නැවත ගොඩනැගිල්ලේ විවෘත බිම් මහලේ මුල්ලක ඇති ඔහුගේ නවාතැන දෙස බලයි. ඔහුගේ බිරිඳ වැඩබිමෙන් එකතු කරගත් හිස් ප්ලාස්ටික් වතුර බෝතල් උරයකට අහුරයි. කුඩා කෙල්ලක් ඇගේ ගවුම් කර අස්සෙන් අත දමමින් හඬයි.

‘‘ඔයාගේ රස්සාව මොකක්ද?’’

මම ඔහු විමසමි.

‘‘එකක් කියලා නෑ සර්. කොල්ලයි කෙල්ලයි ඉස්කෝලේ යවන්නත්  ඕනෑනේ. හැබැයි චාටර් වැඩ නෑ සර්. මෙතෙන හිටියට අපි වැදගත් මිනිස්සු සර්. අපිත් පරිස්සමට ඉන්නේ. හාබර් එකේ බඩු පන්නන උන් කුඩුකාරයෝ කියලා වැඩක් නෑ සර්. බඩට නැතත් මම  ඕවට නෑ. අපේ කොල්ලට මම දෙන්නේ නෑනේ නඩා ගහන්න. ගියොත් නරක් වෙනවා. ලෝක හොරුනේ ඉන්නේ. ?ට නිදාගන්න කොටත් සැරෙන් සැරෙ බලන්න  ඕනෑ පොරවන් ඉන්න රෙද්දත් උස්සනවා.’’

දිගටම කියවාගෙන යන ඔහුට මගේ ප‍්‍රතිචාරයන් ඇවසි නැත. වතුර බෝතලයේ ඉතිරිය පානය කර හිස් බඳුන ඔහුට දිගු කරමි. කෘත‍්‍රීම සිනාවක්. ඔහු එය ඔහුගේ ගැහැණිය අතට දෙයි. ඇය දෙස උවමනාවෙන් බලමි. අවුල් වූ කෙස්, සිනාසෙන මුහුණ, ඔවුන් ජීවත් වන බිත්ති මුල්ල හැරෙන්නට අනෙක් හැම තැනම වැඩබිමේ ආම්පන්න, තහඩු, ලෑලි ආදිය ගොඩගසා ඇත. කොළුවා බල්ලන් දෙදෙනා නොමැතිව මා දෙසට එයි.

‘‘කෝ මල්ලි කුක්කෝ’’

‘‘උන්ව බැදලා දැම්මා... මහත්තයා දන්නවද උන්ගේ අම්මා මළා. යෝක් වීදියේ හිටියේ. මම අරන් ආවා. මේ... මහත්තයට බැරිද උන්ට හොඳ නම් දෙකක් දෙන්න. තාත්තා කියන්නේ පෙරේතයයි, කඩප්පුලියයි කියලා. හිහ්... හිහ්...’’

‘‘ඔයා ඉස්කෝලෙත් යනවලූනේ’’

‘‘ම්... පහේ ඉන්නේ නංගි එකේ...’’

ගැහැණිය වටා එල්ලෙමින් නිතර හඬන කෙළිත්තිය. පාසල් යන වයසේ පෙනුමක් ඇයට නැත.

‘‘ඉස්කොලේ වැඩ කරන්නේ කොහොමඳ ?ට’’

‘‘ආපෝ... හාබර් එකේ ලයිට් තියෙන්නේ. ?ටත් දවල් වාගේ මේ පැත්තටත් එළිය එනවා හොඳට... ඒක නෙවී ඇත්තටම මගේ බල්ලො  මේකට ගනියිද? වැඬේ මම නැතිව උන් ඉන්නෙත් නෑ. ඒකයි මාවත් ගන්න කියන්නේ.’’

මා දෙසට හොර බැල්මක්.

‘‘බලමුකෝ... වික්ටර් මහත්තයා මොකද කිව්වේ...?’’

නිෂ්පාදන කළමණාකරු වික්ටර් ? කෑම පාර්සල් ඔසවාගත් අයකු සමඟ පැමිණෙයි.

‘‘පුත්තරයා... මේවා තමුසෙලාට... හරි...’’

ඔහු කෑම පාර්සල් හතරක් කොළුවා අත තබයි.

‘‘මිස්ට වික්ටර් මේ පොඞ්ඩගේ බලූ කුක්කෝ දෙන්නවත් ෆිල්ම් එකට ගන්නවද?’’

ඉවත්ව යන කොළුවා දෙස බලමින් මම අසමි.
‘‘බල්ලෝ ලොරියක් විතර ඉන්නවා මල්ලී අපේ ඇනිමල් හැඞ්ලර් ගාව. නගර සභාවෙන් අපට තෑගි දෙන්න  ඕනෑ. ලංකාවෙද මල්ලි බල්ලෝ නැත්තේ ඒත් හැම බල්ලම ගන්න බෑනේ... නැද්ද?’’

ඔහු සිනාසෙමින් කෑම පාර්සල් බෙදා දෙයි.

‘‘මෙයා බල්ලන්ට ගාන දාලා ඇති මෙලහට ලස්සනට. ඊයෙ අපි බල්ලො ඇල්ලූවෙ. ඔක්කොම පාරේ දඩාවතේ යන උන්.’’

වැඩබිමේ සගයෙක් හෙමිහිට පවසයි.

දැවැන්ත පසුතලය ඉදිවීමේ අවසන් අදියර. පවතින අපිරිසිදු කාලකන්නි ස්වභාවය තවත් වැඩි කිරීම. හෙට ?ගත කිරීමට පළමුව සෑම කාර්යයක්ම අවසන් විය යුතුය.

‘‘පුතා... මේකේ ගන්න ෂොට් වල තියෙන්නේ යුග දෙකක්. ඔන්න මදර් තෙරේසා කල්කටා මුඩුක්කුව අතරින් ඇවිදගෙන එනවා ෆාදර් කෙනෙක් එක්ක. අපිරිසිදු මිනිස්සු අතරෙ. ඒ අය පොත් කඬේකට යනවා. පොත් ගන්නවා. ඒ එක්දාස් නවසිය පනහ පනස් පහ විතර කාලේ. ඊට පස්සේ ෂොට් එකේ එක්දාස් නවසිය අනූව දශකෙ තෙරේසා මව්තුමිය ස්වර්ගෙ ගිහින්. ෆාදර් විතරක් තනියම මේ වීදියෙම ඇවිදගෙන එනවා හරි. ඇවිත් අර පොත් කඬේටම  යනවා ගියාම මදර් තෙරේසාගේ ජීවිත කතාව තියෙන පොතක් තියෙනවා. එයා ඒක ගන්නවා. ෂූට් වෙන්නේ ඔය ටික.’’

කලා අධ්‍යක්‍ෂකවරයා අපට පැහැදිළි කරයි. කුමාර අප අවට එහෙට මෙහෙට වෙයි. මොනවා හෝ උවමනාවක් ඔහුගේ දෑසේ. නිතර හිනාවෙන ඔහුගේ ගෑණිත් සමග. ඔහු දෙස බැලූවේ මම නිසා අනුබලයක් ලැබී මා වෙතට එන කුමාර.

‘‘සර්... අපි හිඟා කන්න ආව නෙමෙයි. අපේ ගෑනිගේ පපුවෙ හිලක් සර්. ඔපරේෂන් කරන්න වෙනවා. ලක්ෂ ගානක් යනවලූ. සමාජ සේවා අමාත්‍යාංශයෙත් දෙනවා කිව්වා. ඒත් තාම නෑ. සර් දන්න ලොක්කෝ නැද්ද? කියලා ඉක්මන් කර ගන්න. මට සර්ලගෙන් සල්ලි එපා. මේ වැඬේ කරගත්තොත් ඇති.’’

මට අපහසුතාවයක් දැනෙයි ඔහු කොළ කැබලි කිහිපයක් දිගු කරයි. හදවත් රෝග සහතික කළ වෛද්‍ය වාර්තාව. ජනාධිපති අරමුදලින් මුදල් ලබාදෙන බවට සමාජ සේවා අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලිපිය. ඈතින් වික්ටර්ගේ ඡුායාවක්. කුමාර කලබල වෙයි.

‘‘ෂා... වික්ටර් සර් එනවා. මම එයාට කියන්නම්. ඊයෙත් කිව්වා  ඕන උදව්වක් කරනවා කියලා.’’

කුමාර ඉක්මන් ගමනින් වික්ටර් අසලට යයි. හිනාවෙන ගැහැණියත් සමඟ. ඔවුන්ගේ සංවාදය මට නොඇසෙයි.  කුමාර සෑහිමකට පත්ව නැවත දැවැන්ත ගොඩනැගිලේලේ සෙවන යටට ඇදෙයි. මාද එදෙසට ගමනක.

‘‘වික්ටර් මහත්තයා උදව්වක් කරන්නම් කිව්වා. සර් දන්නවද මේ ගෆූර් බිල්ඩිම ‘‘කන්ඩෙම්’’. ඒ වුනාට කෝමද සයිස් එක. සුද්දගේ වැඩනෙ. මේක කාලෙකට කලින් ගිනි ගත්තලූ. මගේ හිතේ අසූ තුනේද කොහෙද? අතෑරලා දාලා තියෙන්නේ. ඒකයි වටේටම දැල් ගහලා. ඉන්නත් තහනං. හාබර් එකේ බඩු පන්නන උං, කුඩුකාරයෝ එහෙම රිංගනවනේ. අපිව නම් පොලිසියේ මාත්තුරු අඳුනනවා. ඒ හින්දා අපට ඉන්න දීලා තියෙන්නේ.’’

මම ගොඩනැගිල්ලේ ඉහළ බලමි. බිත්තිවල පතුරු ගැලවෙමින් ඇත. ගිනිගත් සලකුණු ජනෙල් කවුලූ වල දැලි පැහැයෙන් පෙනේ. මා නැවතත් වැඩ බිමට ඇදෙමි. කට්ට අව්වෙන් මිදීමට බොහෝ දෙනෙක් ගොඩනැගිල්ලේ සෙවනට ඇදෙනු පෙනේ.

‘‘හෙට ෂූට් එක. උදේම සුද්දෝ එනවා චෙක් කරන්න. හෙට දහයමාරට වැඩ ඔක්කොම ඉවර වෙන්න  ඕනෑ. හොඳට වැඬේ කරමු හරි.’’

කලා අධ්‍යක්‍ෂකවරයාගෙන් අවසන් උපදෙස් ලැබෙයි. රාත‍්‍රිය එළැඹෙමින් ඇත. තනා අවසන් වූ පසුතලය අඳුරු සෙවනැලි ගොඩක් මෙන් පෙනෙයි. මඳ ආලෝකයකි. නවාතැනට යාම. නින්ද. දෑස පියවෙයි.

‘‘ලොරියේ තමා මල්ලි යන්න වෙන්නේ.’’

ඒ වික්ටර්. දහදිය ගැහුණු කම්කරුවන් සමග මමද එක පොදියට ලොරියට නැගෙමි. හෙට උදයේම පැල්පත් වලට පිරවීම සඳහා සූදානම් කළ හට්ටි, මුට්ටි, කොහු, ඉදල් අතරට අපද අඩුක් වන්නෙමු.

‘‘නොදකින් අපි දවස් හතරක් වැඩකරලත් තුනකනෙ සල්ලි දුන්නේ.’’

කම්කරු සගයන්ගේ බැණ අඬගැසීම්.

‘‘ඒකත් තුන්සිය පණහ ගානේ’’

‘‘ලොකු  උන්  ඕවගෙන් ගහගන්ඩ ඇති.’’

‘‘සුද්දන්ගේ වැඩ වලදි හොඳට ගෙවනවනේ බං. අපට තුන්සිය පනා ගානේ ගෙව්වට අරුන් දාගන්න ඇති අටසිය ගානෙවත්’’

දිගටම බැණ වැදීම්. නෝක්කාඩු. මමත් සල්පෙත් නිහඬව අසා සිටිමු.

‘‘අඩෝ... අපි මේ කොහු ඉදල් අරන් යමු... නැද්ද?’’
එකෙකුගේ යෝජනාවක්.

‘‘ඒක හරිනෑනේ මේ හෙටට තියෙන බඩු’’

සල්පෙට කියැවෙයි.

‘‘ඔව්නේ... හෙටට තියෙන ඒවනේ.’’

මමද සහයට

‘‘ඔයාලා කවුද...? අපි අරන් යනවා.’’

නොපහන් ස්වරයේ හඬක්

‘‘වැඬේ අසාධාරණයි තමා අයියේ ඒත් හෙට වැඬේ ඇනෙනවානේ. අපි කියනවාට නොගෙන ඉන්ඩ.’’

මම පවසමි.

‘‘ ඕගොල්ල කවුද?  ඕගොල්ලද මේවා බාරව ඉන්නේ.’’

‘‘අපි කැම්පස් එකේ ඉගෙනගන්නවා. ටේ‍්‍රනිං එකකට වගේ වැඩ කරන්නේ.’’

සල්පෙ පවසයි. කම්කරු සඟයින් අපහා සමීප වෙයි.
‘‘එතකොට ඔයාලට ගෙවන් නැද්ද?..’’

‘‘නෑ...’’ සල්පෙ

‘‘ඔය යක්කු ඔයාලටත් ගාන දාලා ඇති’’

ඉදල් කොහු කතා අමතකය. ලොරිය නවතියි.

‘‘අපි බහිනවා මල්ලිලා.  ඕන ගේමකට  ඕන වෙලාවක අපට කතා කරන්න. අපි මේ හරියෙ.’’

ඔවුන් ඈත පැල්පත් පෙළක් දෙසට අත දිගු කරයි.

‘‘කල්කටාවෙ මුඩුක්කු’’

කිසිදු එළියක් නැති මළානික, ලෑලි ගැසූ පැල්පත් දෙසට ඔවුන් ඇදෙයි. ලොරිය ගැස්සෙමින් ගමන අරඹයි. වෙහෙසට සිරුර ඇදුම් කයි.

‘‘පව්... උන්ට මේවා ගෙනියන්න දෙන්න තිබුනෙ.’’

සල්පෙ නිහඬය.

ඩ ඩ ඩ ඩ

පැල්පත් අතරින් පෙනෙන තාර පාර වැසෙන්නට පිදුරු විසුරුවා හල පසු එහි ජරාවාස බව සම්පූර්ණය. පසුතලය ගොඩනැගී අවසන්. පරණ පොත්කඩ, විසිතුරු බඩු, රසකැවිලි අලෙවිසැල් වලට පිටකොටුවේ ඇති එවැනි ම කඩ වලින් කුළියට ගත් බඩු පිරවෙයි. ලංකාවේ නැති නිසා ඉන්දියාවෙන් නැව්ගත කළ පැරණි බස්රථ දෙකකුත්, ඉපැරණි බෙන්ස් කාරයකුත් දර්ශන තලයට රැුගෙනවිත් ඇත. සතුන් මෙහෙයවීම බාර සමරෙ අයියා ලොරිවලින් කුකුල්ලූ, එළුවෝ, සුරතල් කුරුල්ලන් ආදී සතුන් බිමට බෑමට උපදෙස් දෙයි. කොළඹින් ඇල්ලූ කපුටන් පවා.  විශාල එළදෙනෙක් රැුගත් අත් ට‍්‍රැක්ටරයක්ද එනු පෙනේ. විහාර මහාදේවී උයනේ නිතර දකින අශ්වරථයද පසුතලය සඳහා කුළියට ගෙන ඇත. ඉන්දියාව නම් ඇතෙකුද සිටිය යුතුය.

‘‘පැයට අටදාහක් මල්ලි ඇතාට...’’

සමරෙ අයියා අප අසලින් යමින් පවසයි. කුඩා කඩිසර මිනිහෙකු වූ ඔහු ළඟින් සතුන් ගණනාවකගේ ගඳ මිශ‍්‍රව දැනෙයි.

‘‘මුන්ට කොච්චර කරත් වැඩක් නෑ බං’’

සත්තුන්ට කන්ඩ ටික හරියට දීගන්න බැරි වුනානෙ. ඊයේ සල්ලි වෙලාවට නැතිව..’’

ඔහු නැවතත් පවසාගෙන වේගයෙන් යන්නේ සතුන් පැල්පත් අතර ස්ථානගත කිරිමටය.

ෆයිබර්ග්ලාස් ගණදෙවි කෝවිල අසල බැඳ දැමූ වැස්සිය නකුට ඔසවා විශාල මුත‍්‍රා පහරක් හෙළන්නට විය. පාරේ සෑහෙන තරම් දුරට ගලාගෙන යන මුත‍්‍රා පහර උඩ විසුරුවා හල පිදුරු කැබලිද පාවී යයි. තවත් මොහොතකින් බස්රථ ගණනාවකින් බැස ගන්නා මහා සෙනඟක්. දෙමළ, සිංහල, මුස්ලිම්.

‘‘කරුණාකරලා හැමෝම පෝළිමට ගිහින් බත් පැකට් එකයි වතුර එකයි අරන් ඉන්න. කාපු හැටියෙ ආයේ පෝලිමේ ගිහින් මේකප් දාගන්නවලා හොඳද?...’’

පිරිස් පාලනය භාර සහය අධ්‍යක්‍ෂකවරයා මෙගාෆොනයකින් පිරිසට උපදෙස් දෙයි. එම උපදෙස්ම දෙමළ බසිනුත් ඇසේ. මහා ඝෝෂාවකි. පෝලිමට ඉඳ නුපුරුදු රණ්ඩු අල්ලන ගැහැණු, යටිගිරියෙන් හඬන කුඩාවුන්.

‘‘දැනටම ඉන්දියාව හරි වගේ. මෙච්චරනේ අඩුවෙලා හිටියේ...’’

සල්පෙ පවසයි.

මම කුමාර හෝ බලූ පැටවුන් අයිතිකාර ඔහුගේ කොළුවා හෝ ඇත්දැයි විමසමි. පෙනෙන මානයක ඔවුන් නැත. මිනිසුන් සියල්ල පැල්පත් පේලියේ තැන තැන ස්ථානගත කරනු පෙනෙයි. ඔවුන් හැඳ සිටි ඇඳුම් ගලවා ඉරී ගිය කඩමාලූ වැනි ඇඳුම් අන්ඳවා ඇත. තලප්පාව බැඳි සික් ජාතිකයින්ද, පූන නූල බැඳි බමුණන්ද, යෝනක වෙළෙන්දන්ද විදීයේ සැරිසරයි. කාලකන්නි පෙනුමැති පැල්පත් වල හොටු පෙරාගත් ළමයින් හඬා වැටෙයි. පැහැපත් බව ගන්නට තැවරූ මේකප් තලි කඳුළු හා හොටු නිසා නාවර පෙරුණාක් මෙන් පෙනෙයි. මා අවසන් වරට පැල්පත් අතර ඇවිද යමින් අඩු පාඩු පිරික්සමි. පසුතලයේ පැල්පත් ක‍්‍රමයෙන් සැබෑ පැල්පත් නිවෙස් බවට පත්වෙමින් ඇත. එක් මිනිසෙක් පැල්පත තුළ අතුරා ඇති පිදුරු ගොඩක ගොරවමින් නිදයි.

තවත් එකක තහඩු යටින් ජල දහරාවක් ගලා එනු පෙනේ. මම එබී බලමි. එසැණින් ඉවත බලමි. ගැහැණියක් පැල්පත තුළ වාඩිවී මුත‍්‍රා කරයි. තවත් එකක කුඩා දරුවකුගේ මළපහ ගොඩවල්ය.

‘‘කොම්පඤ්ඤවීදියෙනුයි, හැටේ වත්තෙනුයි අරන් ඇවිත් තියෙන්නේ. මුන්ව අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නෑ. ඉන්න විදිහම තමයි.’’

සමරෙ අයියා පවසයි.

සුදු ජාතික අධ්‍යක්‍ෂකවරයාත් ලාංකික නිෂ්පාදක කණ්ඩායමත්, කැමරා කරුවනුත් එහා මෙහා දුවමින් කැමරා අටවනු පෙනේ. විශාල දොඹකරයක සවිකළ කැමරාව පෙරහුරු රූගත කිරීමක යෙදෙයි. දර්ශන තලය සූදානම්ය.

‘‘හැමෝම ඉන්න තැන් වලට යන්න. ඔය බස් එකේ වහලේ උඩටත් තව කට්ටිය නඟින්න. කකුල් පාතට එල්ලෙන්න ඉන්න. හිර වුනාට කමක් නෑ.’’

සහාය අධ්‍යක්‍ෂක වරයෙක් මොහොතකින් හඬදෙයි. පිරිස හසුරවන්නන් එහා මෙහා දිවයයි. ගිනි අව්ව නිසා මිනිසුන් තෙල්පැහැ ගැන්වී ඇත. එකෙකු කුනුහරුපෙන් හතර අතේ බැණ වඳියි. දෙමළ, සිංහල කලවම් ඝෝෂාව.

‘‘වැඬේ ගේ‍්‍රට්... ලස්සනට තියෙනවා.’’

කලා අධ්‍යක්‍ෂකවරයා අප පසසයි. සුදු අධ්‍යක්‍ෂකවරයා සෑහීමකට පත්ව ඇතිසේය.

‘‘මේ සුදු ඩිරෙක්ටර්ට සෙට් එක තවත් අඳුරු වෙනවනම් හොඳයි. මදර් තෙරිසාව හොඳට කැපිල පේන්නේ මේ සෙට් එකයි මිනිස්සුන්ගෙයි කාලකන්නි පාට වැඩි වුනාම.’’

ඔහු තව දුරටත් පවසයි.

‘‘ලස්සන... කාලකන්නි පෙනුම’’

මම සිතමි.

විවිධ විධානයන් දර්ශන තලය පුරා ඇසෙයි. පළමු රූගත කිරීම. අධ්‍යක්‍ෂකවරයාගේ විධානය. කැමරා තුනකින් රූගත කිරීම සිදුවේ.
‘‘ඇක්ෂන් !’’

ඇතා පිට නැගි මහා රාජා තෙවන වරටත් සෙනඟ අතරින් ගමන් කරයි. වහලයේ පටන් සෙනග පටවාගත් බස් රථ දෙක දෙපසට ඇදෙයි. වීදියේ අඳුරු පැල්පත් හා නාවර කළු ගැහැණුන් මිනිසුන් අතරින් දිදුළන සුදු පැහැයෙන් යුතු ලෝගුවෙන් සැරසුනු සුදෝ සුදු පාදිලි තුමා සහ තෙරේසා මව්තුමිය ඉදිරියට ඇදෙයි. දොඹකර කැමරාව පුළුල් උඩු කෝණයක සිට බිමට පහත් වන්නේ අඳුරු මිනිස් සිරුරු අතරින් ඇදෙන සුදු පැහැය රාමුවට හසුකර ගනිමිනි. කුඩා දරුවන්ගේ හිස් අතගාමින් ගොම පිදුරු ගැවසුන බිම තම සුදු පැහැ ලෝගුව අද්දවමින් මව්තුමිය මද සිනාවෙන් යුතුව පා නගයි. කල්කටාවට දෙවියන් වැඩ ඇත. ඇගේ යටිකෝණී රූපයක්.

‘‘කට්’’

වේෂනිරූපණ ශිල්පීන් දිව එයි. මව්තුමියට දහඩිය දමා ඇත.

ඇගේ මුහුණට කුඩා විදුලි පංකාවක් යොමුවෙයි. දහදිය තෙත මාත්තුවක්. නිළිය අපහසුවෙන් සුසුම්ළයි. විශාල කුඩයක් සියල්ලටම ඉහළින් එසවෙයි. ගිනි ගහන අව්ව මැද සුදු පැහැ හමැති නිළිය වටා රැුස්කන කුඩාවුන්.

‘‘අඩෝ... මේ සුද්දිගේ සුදුපාට ගාලද කොහෙද?’’

එකෙක් පවසයි.

‘‘ගෑනියෙක් කලන්තෙ දාලා. තව එකෙක් තහඩුවකට කපාගෙන.’’

අයෙකු කෑ ගසයි. තෙරේසා මව්තුමිය වෙනුවට වික්ටර් එදෙසට ඇදෙයි.

‘‘ ඕ... කේ... ස්ටෑන්ඞ් බයි.’’

නැවතත් රූගත කිරීම්, තෙරේසා මව්තුමිය තෙවන වරටත් අඳුරු මිනිසුන් අතරෙන් පැමිණෙයි.

එවර අධ්‍යක්‍ෂවරයා තෘප්තිමත්ය.

‘‘කට්...’’

රූගත කිරීම් අවසන්ය. හදිසියේම කුඩා බලූකුක්කන් දෙදෙනා මගේ නෙත ගැටෙයි. පැල්පතක් ඉදිරියේ ලණු ඇඳක බැඳ දැමූ උන් හේබා ගොස්ය. වටපිට බලමි. කුඩා කොළුවාද වතුර පිරවූ බැරලයකින් දිය නානු පෙනේ. කළු ආලේපන තැවරූ ඌ හැඳීනීම අපහසුය.

‘‘හැමෝම තම තමුන්ගේ ඇඳුම් දාගෙන දැන් ඇඳගෙන ඉන්න ඇඳුම් ආපහු දීලා පෝලිමේ ඇවිත් සල්ලි ගන්න... කරුණාකරලා පෝලිමේ...’’

නැවතත් මෙගාෆෝනයේ අපැහැදිළි හඬ.

නැවතත් පෝළිමේ ඝෝෂාව. කුණුහරුප.

‘‘අද රස්සාවට ගියෙත් නෑ දවසම අව්වේ. රුපියල් තුන්සියයි. චාටර් වැඩ.’’

එකෙකු මහ හඬින් බැණ වැදෙයි.

පසුතලය නැවත ඉවත්කළ යුතුය. තැනීම මෙන් නොව කඩා දැමීම පහසුය. දුබල පැල්පත් වල ලී වලට තඩිබෑම විනෝදජනකය.

‘‘මුං තමයි බඩු... සෙට් එකේ තිබ්බ ප්‍රොප්ස් ඩෙකරේෂන්ස් මොකුත් නෑ. කඩවල් වලට පුරවපු සෙල්ලං බඩු, වළං ගෙනියන්න පුළුවන් ඔක්කොම ගෙනිහින්. මුං ඉන්දියාවටම තමයි හොඳ...’’

වික්ටර් බැන අඬ ගසමින් යයි.

පැමිණි කුඩාවුන් අත කඩවලින් සොරාගත් සෙල්ලම් බඩු තිබෙනු මම දකිමි. ජනයා රැුගත් අවසන් බස් රථයද පිටත්ව යයි. බසයට නොනැඟි උන් දෙදෙනෙක් අප දෙසට එයි.

‘‘ලොක්කා ෂපෝට් එකක් දෙන්නද?’’

අපේ පිළිතුරු නොතකාම ඔවුනුත් වැඩ.

සමහර පැල්පත් අතර ඇති අසූචි ගොඩවල්, මුත‍්‍රා පහරවල් නොගෑවෙන්නට කාර්යය සිදු කළ යුතුය. මොහොතකින් පැල්පත් වල සුන් බුන් ලොරි වලට.

‘‘බොසා... මෙතන මේ ටකරං කෑලි දෙක තුනක් අපි ගන්නද?’’

උදව්වට ආ උන් දෙන්නාගෙන් ඉල්ලීමක්. මම වටපිට බලමි.

‘‘අපේ ගේ වහලෙට ෂර්...’’

මම ඔවුන් දෙස බලමි. ගිලී ගිය අඩවන් දෑස්. රැුවුල් කොට. මදක් කුදුවූ කොන්ද. ටයර් දෙකක් වැනි දෙතොල්.

‘‘මදර් තෙරේසා කවුද දන්නවද?’’ මම අසමි.

අන්දුන් කුන්දුන් මුහුණු.

‘‘කාටවත් පේන්න කලින් අරන් යන්න’’

තහඩු දෙකක් වෙනුවට ගෙනයා හැකි තරමේ තහඩු මිටියක් ගෙන ඔවුන් ඈතට ඇදෙයි. හැරී බැල්මක් නැත. විදුලි පහන් දැල්වෙමින් ඇත. නමුත් සුනු බුන් පිරි වීදිය අඳුරේය. පසුතලය සඳහා සවිකර තිබූ විදී පහන් ගලවා ඇත. බලූ කුක්කෙකුගේ ප‍්‍රීතිමත් බුරා වැටීමකින් මම එදෙස බලමි.

කුඩා කොළුවා සහ බලූ පැටවුන් දෙදෙන.

උන් වීදියේ ඈතින් මතුවෙන අඳුරු රූ ත‍්‍රිත්වයක් වෙත බලා හිඳියි. කුමාර ඔහුගේ සිනාසෙන ගැහැණිය හා දියණිය. බලූකුක්කාගේ ප‍්‍රීතිය ඒ නිසාය. මා සිටි තැන පසුකරමින් ඔවුන් ඇදෙයි. බලූ කුක්කන් ඔවුන්ගේ ඇෙඟහි දැවටෙයි.

‘‘කුමාර කොහද හිටියේ...?’’

මම අසමි.

‘‘පානදුරෙ ගියා මාත්තයා’’

ඔහු නවතියි.

‘‘හිටිය කියලා වැඩක් නෑ. හම්බෙන ලබ්බකුත් නෑ. කොල්ල ආස හින්දා තියලා ගියා. පානදුරේ අපේ නෑයෙක් ඉන්නවා. එහේ ගිහින් මූදෙ නාලා එහෙම මේ ආවෙ. අද ලයිටුත් නෑ නේද ෂර්?.’’

ඔහු පවසයි.

පසුතලයට අදාලව ගෑස් ලාම්පු අනුරූ සවිකිරීමට වීථි පහන් ගලවා දමා ඇත. ඒවා නැවත සවි කිරීමට විදුලි බලය විසන්ධි කර ඇත. තාප්පයෙන් එපිට අහස ආලෝකමත්ය. ඒ රැුයක් දවාලක් නැතිව යුහුසුළු වන වරායේ විදුලි පහන් වල එළියයි. මද අඳුරේ ඡුායාවක් අප දෙසට පැමිණේ.

‘‘වික්ටර්.. පඩි ගෙනත්’’

‘‘හා... කට්ටි කට්ටි එන්න නම කියද්දී. පෝලිමට.. හරි.. අනිත් අය වැඬේ කරන්න.’’

වික්ටර් හඬ ගසනා නම තවකෙක් ශබ්ද නඟා කියයි. එවිට පැල්පත් සුන් බුන් අතරින් අසූචි ගොඩවල් නොතකා කම්කරු සගයන්ගේ දෙපා ඉක්මන් වෙයි.

‘‘පණ්ඩුක රත්නායක...’’

මට නිච්චියක් නැත.

‘‘ඒ... උඹට’’

සල්පෙ මට පවසයි. ඔහුගේ අතේද මුදල් කොළ කිහිපයකි. මමද එදෙසට ඇදෙමි. දහදිය දැමූ උණුසුම් සිරුරු අතරින් මමද ඇදෙමි.

‘‘මෙතන අත්සන් කරන්න’’

මම මුදල් නොගැනම සාක්කුවට දමමි.

කුමාර අඳුර තුළ දැකිය නොහැක. සුන් බුන් පටවාගත් ලොරියක් මා පසුකර යයි.

‘‘ජරස්’’

හිස් ප්ලාස්ට්ක් බෝතලයක් මා පයට පෑගේ. බෝතල් ගොඩක් තුරුළු කරගත් ගැහැණිය, කුමාරගේ ගැහැණිය අතින් මඟ හැරුණු බෝතලයක්.

කුමාර හිඳිනා දෙසින් කුඩා එළියක්. බල්ලන් දෙදෙනද, කොළුවාද, කුමාරද ගිනි මැලයක් වටා හිඳගෙන. මා පැමිණෙන තුරු නළාව හඬවන ලොරිය දෙසට මම ඇදෙමි. අඳුරේ තිතක්ව නොපෙනී යන කුමාර තැනූ ගිනි මැලය දෙස ගැස්සෙමින් ගමන් කරන ලොරියේ සිට මා බලා හිඳිමි. අවසානයේ යෝධ අබලන් ගොඩනැගිල්ල පමණක් මට තවම පෙනේ.

-         නිමි. 
  ඩිලන්ත රත්නායක (2006 දී*
                                      යෞවන සම්මාන ප‍්‍රථම ස්ථානය - 2007

---පිහාටුවෝ---

---පිහාටුවෝ--- හාත්පස පැතිරී ගිය වාලූකා තලයේ කැකෑරෙන උණුසුම අපට නොදැනෙන්නේ වායු සමනය කළ කැබ් රථයේ සැප පහසුව නිසාය. එකිනෙකට යාව තැනුන කාමරයක...